
ජීවිත ලස්සන කරන්න “සුවසැරිය”ට නඟින ඇමති නලින්ද
“සුවසැරිය” ගිලන් රථ බල ඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ “සුවසැරිය” ගිලන් රථ සේවාව ලෝකයේ පවත්නා අලුත් තාක්ෂණය එක්කරමින් නවීකරණය කීරීමට කටයුතු කරන බවයි.
ඉන්දියාව සමඟ සාකච්ඡාකර තවත් ගිලන්රථ 100 ක් ලබාගැනීමට කටයුතු කරන බවත් පවසන අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අනාවරණ කළේ මෙම ගිලන් රථ වෙනුවෙන් මෙම වසරේ පමණක් අයවැයෙන් රුපියල් මිලියන 5000 ක් වෙන්කළ බවයි.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිලන්රථ 20ක්, ණය ආධාර යටතේ ගිලන් රථ 25ක් ප්‍රදානයත් ලෙසටත් ලැබීමට නියමිත බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.