ජූලි චන්ග් හමුවූ ජෙනිෆර් ලිට්ල්ජොන්

ජූලි චන්ග් හමුවූ ජෙනිෆර් ලිට්ල්ජොන්

සාගර, ජාත්‍යන්තර පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ලිට්ල්ජොන් සහ මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් හමුවී තිබෙනවා.

සංචාරයක් සඳහා ජෙනිෆර් ලිට්ල්ජොන් මෙරටට පැමිණ ඇති අතර එම සංචාරය තුළදී ඇය ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිතයින් සහ තවත් හවුල්කරුවන් සමග සම්බන්ධ වී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.

මීට අමතරව වනජීවී ආරක්ෂණ ව්‍යාපෘති ගවේෂණය කිරීම, ජලවිද්‍යාව, දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය පිළිබඳ ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද ප්‍රවීණයන් සම්බන්ධ කිරීමේ අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ඇති.

Share This