ජොන්ස්ටන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙයි

ජොන්ස්ටන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළා.

ඒ කොළඹ තරු පහේ හෝටලයක රථ ගාලේ BMW වර්ගයේ වාහනයක් අතහැර දමා ගොස් තිබීමේ සිද්ධියට අදාළවයි.

ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කළේ

Share This