ජොහැන්නස්බර්ග් ගින්නෙන් මියගිය ගණන 73ක් දක්වා ඉහළට

ජොහැන්නස්බර්ග් ගින්නෙන් මියගිය ගණන 73ක් දක්වා ඉහළට

මධ්‍යම ජොහැන්නස්බර්ග් හි ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා

මේ වනවිට පුද්ගලයින් 73ක පමණ පිරිසක් මිය ගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

බලධාරීන් පවසන්නේ මහල් පහක ගොඩනැගිල්ලක ගින්න ඇතිවීමට හේතුව කුමක්ද යන්න තවමත් අපැහැදිලි බවයි

ගිනි නිවන භටයින් පැමිණ ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් ඉවත් කර ඇති අතර සිරුරු සෙවීම සහ තුවාලකරුවන් සෙවීම දිගටම කරගෙන යන බවයි පැවසෙන්නේ

ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් වැඩි වශයෙන් අප්‍රිකානු සංක්‍රමණිකයන් බව සඳහන් වනවා

 

 

Share This