ජෝර්ජියාවේ ඊශ්‍රායල කොන්සල් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාකරුවෙක් ගිනි තබා ගනී

ජෝර්ජියාවේ ඊශ්‍රායල කොන්සල් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාකරුවෙක් ගිනි තබා ගනී

විරෝධතාකරුවෙකු අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඊශ්‍රායල කොන්සල් කාර්යාලය ඉදිරිපිටදී ගිනි තබා ගැනීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයක පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජෝර්ජියාවේ ආරක්ෂක අංශ එම ක්‍රියාව අන්ත දේශපාලන විරෝධී ක්‍රියාවක් ලෙසයි හඳුන්වන්නේ.

විරෝධතාකරු පෙට්‍රල් භාවිතා කර ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී විරෝධතාකරු බේරා ගැනීමට උත්සාහ කළ ආරක්ෂක නිලධාරියෙකුද තුවාල ලබා තිබෙනවා.

ප්‍රකාශයක් නිකුත් කරමින්, අග්නිදිග එක්සත් ජනපදයේ ඊශ්‍රායලයේ කොන්සල් ජනරාල් Anat Sultan-Dadon කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් ගොඩනැගිල්ලට ඇතුල් වන ස්ථානයේ සිදුවූ එම ගිනි තබා ගැනීම ගැන කණගාටුවට පත්වන බවයි.

ඊශ්‍රායලය කෙරෙහි ඇති වෛරය මෙතරම් බිහිසුණු ආකාරයෙන් ප්‍රකාශ කිරීම ඉතා ඛේදජනක බවයි ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

Share This