ජෝර්ජියාහි පැවැත්වෙන මැතිවරණයට අදාළ නඩුවට මුහුණ දීමට ට්‍රම්ප් සූදානමින්

ජෝර්ජියාහි පැවැත්වෙන මැතිවරණයට අදාළ නඩුවට මුහුණ දීමට ට්‍රම්ප් සූදානමින්

2020 මැතිවරණ පරාජය අවලංගු කිරීමට දැරූ උත්සාහයන් සම්බන්ධයෙන් ජෝර්ජියා අධිකරණයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කර තිබු අතර එම චෝදනාවලට මුහුණ දීම සඳහා ජෝර්ජියා ප්‍රාන්තයේ උසාවියක් වෙත යාමට තමා සැලසුම් කරන බව ඔහු සඳහන් කරනවා

සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමට හෝ බිය ගැන්වීමට උත්සාහ නොකරන තාක් කල් ට්‍රම්ප්ට නඩු විභාගයක් නොමැතිව නිදහසේ සිටිය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

කෙසේවෙතත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ලවී ඇති ජාවාරම් සහ අසත්‍ය ප්‍රකාශ ඇතුළු චෝදනා 13ක් ප්‍රතික්ෂේප කර තිබෙනවා

මෙම නඩුවේ සම විත්තිකරුවෙකු හෝ සාක්ෂිකරුවෙකු වීමට තමා දන්නා ඕනෑම පුද්ගලයෙකු බිය ගැන්වීමට හෝ යුක්තිය පසිඳලීමට වෙනත් ආකාරයකින් බාධා කිරීමට විත්තිකරු විසින් කිසිදු ක්‍රියාවක් සිදු නොකළ යුතුයි යනුවෙන් එම අධිකරණ ගොනුවේ සඳහන්ව ඇති බවද පැවසෙනවා

ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social වෙත සටහනක් තබමින් පවසා ඇත්තේ බ්‍රහස්පතින්දා දිනයේ ජෝර්ජියාවේ ඇට්ලන්ටා වෙත ගිය පසු ඔහුව අත්අඩංගුවට ගනු ඇති බවයි

Share This