ට්‍රම්ප් ගේ බදු කප්පාදුවට අපි ලැස්තිද?

ට්‍රම්ප් ගේ බදු කප්පාදුවට අපි ලැස්තිද?

අමෙරිකාවේ නව බදු කප්පාදුව සහ වියදම් පනත් කෙටුම්පතට අමෙරිකානු නිදහස් දිනය යෙදුණු ඊයේ දිනයේදී ජනාධිපති ට්‍රම්ප් ඊට අත්සන් කිරීමත් සමග එය බලාත්මක වුණා.

ඒත් සමඟම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට අමෙරිකානු පරිපාලනය පැනවූ තීරුබදු ක්‍රියාත්මකවීම ආරම්භ වනවා.

ධවල මන්දිරයේ ආලින්දයේ සංවිධාන කර තිබුණු අමෙරිකානු නිදහස් දින කතාවෙන් අනතුරුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදු කප්පාදුව සහ වියදම් පනත් කෙටුම්පත සඳහා අත්සන් තැබුවා.

මෙම වියදම් පනත මගින් 2017 වසරේ ජනාධිපති ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ සිදු කළ බදු කපා හැරීම් ස්ථිර කෙරෙන අතර බදු සහන රැසක්ද ඇතුළත් වනවා.

ඊට අමතරව ආරක්ෂක වියදම් සහ නීති විරෝධී සංක්‍රමණික මැඩලීම් සඳහා සිදු කෙරෙන වියදම්ද ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Share This