
ට්‍රම්ප් ඝාතන තැත ගැන ජනපති රනිල් කියන දේ
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් තමා කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටීම සතුටට කරුණක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
දේශපාලනය තුළ ශ්‍රී ලාංකිකයින්ද මෙවැනි ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනු ලබන නීතිවලට අනුගතව කටයුතු කරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.