
ට්‍රම්ප් , මෙලනියා එක්ක සැප්තැම්බරයේ එක්සත් රාජධානියට -ආරාධනය බ්‍රිතාන්‍ය අගමැතිගෙන්
සැප්තැම්බර් මස 17 සිට 19 දක්වා කාලය තුළ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ බිරිද මෙලනියා සමඟ එක්සත් රාජධානියේ තෙදින රාජ්‍ය සංචාරයකට එක්වීමට නියමිත අතර ඒ අනුව එය ඔහු එක්සත් රාජධානිය තුල සිදු කෙරෙන දෙවන රාජ්‍ය සංචාරය වනවා.
මෙවර සංචාරයේ නවතැන බවට පත්ව ඇත්තේ එංගලනතයේ බකිංහැම් මාලිගය නොව වින්ඩ්සර් මාලිගයයි.
ඒ බකිංහැම් මාලිගය තුළ මේ දිනවල ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බැවින්.
ට්‍රම්ප් මෙම දින ප්‍රකාශයට පත්කර ඇත්තේ ඉකුත් පෙබරවාරි මාසයේ ඕවල් කාර්යාලයේ පැවති සාක්ච්චාවක් අතරතුර එක්සත් රාජධානියේ අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර්, එක්සත් රාජධානියේ රාජ්‍ය සංචාරයක් සඳහා එක්වන ලෙස දැනුම්දෙමින් එක්සත් රාජධානියේ රජු විසින් එවූ ලිපිය ට්‍රම්ප්ට පිලිගැන්වීමෙන් අනතුරුවයි.