ටිබෙටයේ භූකම්පනයේ සුන්බුන් අතර සිරවූවන් සොයා තවදුරටත් මෙහෙයුම් – අවතැන්වූවන්ට චීන රජයෙන් සහන
චීනයේ ටිබෙට් හෙවත් Xizang ස්වායත්තයේ Shigatse නගරයට ඊයේ දිනයේ බලපෑ ප්‍රබල භූකම්පනයෙන් ආපදාවන්ට ලක් වූ ප්‍රදේශ වෙත චීන මධ්‍යම රජය විසින් සපයන ලද ප්‍රථම සහන සැපයුම් තොගය ළඟා වී තිබෙනවා.
චීනයේ හදිසි කළමනාකරණ අමාත්‍යාංශය, ආහාර හා තැන්පත් කිරීමේ ජාතික පරිපාලනය ඇතුළු ආයතන විසින් සපයනු ලැබූ එම සහන සැපයුම් ඊයේ රාත්‍රීයේ එම ප්‍රදේශ වෙත ළඟා වී ඇති බවයි සඳහන් වන්නේ.
6000 කට ආසන්න කූඩාරම්, ඇඳ ඇතිරිලි මෙන්ම ඇඳුම් ද ඊට ඇතුළත් අතර තවත් 16,000ක පමණ සහන තොගයක් අද(08) එම ප්‍රදේශ වෙත ළඟා වීමට නියමිතයි.
ඊයේ(07) සවස 7 පමණ වන විට, Shigatse නගරයේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් 126 දෙනෙකු මිය ගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 188ක්.
කෙසේවෙතත් භූමිකම්පාවෙන් අවහිර වූ මාර්ග සියල්ල මේවන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි චීන මාධ්‍ය පවසන්නේ.
මේ අතර මෙම භූමිකම්පාවෙන් මිය ගිය අය හා ඔවුන්ගේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඊයේ(07) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් මහතා සහ සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා මෙන් ම යුරෝපා කොමිසම ද මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් චීනය වෙත සිය කණගාටුව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.