ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමඟ මට්ටක්කුලියේදී අත්අඩංගුවට

ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමඟ මට්ටක්කුලියේදී අත්අඩංගුවට

කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ.

එහිදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ එම වර්ගයේ ජීව උණ්ඩ 29ක් සමඟයි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇතේතේ 36 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඔහු අදාළ ගිනි අවිය යොදාගෙන මනුෂ්‍ය ඝාතන සිදුකර ඇත්ද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි.

තවද ඔහු කිසියම් අපරාධ කල්ලියක් සමඟ සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳවද විමර්ශන සිදුකරන බවයි කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේ.

Share This