
ටෙක්සාස් ගං වතුරින් මියගිය පිරිස 80 ඉක්මවයි
මධ්‍යම ටෙක්සාස්හි ඇති වූ හදිසි ගංවතුරෙන් ජීවිතක්ෂයට පත් පිරිස 80 ඉක්මවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
මෙම මිය ගිය පිරිසට කර් ප්‍රාන්තයේ ගැහැණු ළමයින් සඳහා වන ගිම්හාන කඳවුරක් වන කැම්ප් මිස්ටික්, හි සිටි ගැහැණු ළමයින් සහ කාර්ය මණ්ඩලය 27 දෙනෙකු ද ඇතුළත්.
ඉදිරි පැය 24-48 තුළ කලාපයේ තවත් කුණාටු අපේක්ෂා කරන අතර අවම වශයෙන් අද සවස් වන තුරු ගංවතුර අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වුණා.
ප්‍රමාණවත් ගංවතුර අනතුරු ඇඟවීම් ලබා දී ඇත්ද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වී ඇති බැවින්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා කර් ප්‍රාන්තය සඳහා ප්‍රධාන ආපදා ප්‍රකාශයකට ද අත්සන් තැබුවා.