
ඩඩ්ලි සිරිසේනට ඇමති ලාල්කාන්තගෙන් සහතිකයක්
වැව් තාවුළු ආශ්‍රිතව අනවසරව සිටිනවා නම් ඉවත් කිරීමට ප්‍රථම ඉවත් වී යන්නැයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා අවධාරණය කළේ එසේ නොවන්නේ නම් ඔවුන් ඉවත් කිරීම ස්ථිර බවට සහතික වෙමින්.
කිරි ඉතිරෙන රටක් සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අනුරාධපුර,තඹුත්තේගම,නිරාවිය ගොවිපළේ පැවති උත්සවයේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
එහිදී ඩඩ්ලි ගේ වුවද වැව් තාවුලු වල ඇති අනවසරිදිකිරීම් ඉවත් කරන බවට ලාල්කාන්ත අමාත්‍යවරයා සහතික වූ අතර ඔහු වටිනා මිනිසෙක් බවද සදහන් කළා.
ලංකාවේ මිනිසුන්ට වැලි රහිත සහල් දීමේ පුරෝගාමියා ඩඩ්ලි බව පැවසූ අමාත්‍ය ලාල්කාන්ත මහතා ඔහු සමග බේරා ගැනීමට ප්‍රශ්නයක් ඇති බවත් , ගොවියාගෙන් වී මිල දී ගැනීමේදී ඇතැම් අවස්ථාවල ගොවියාට සාධාරණ මිලක් ලබා දී නැති බවත් සදහන් කළා. කෙසේ වුව ද ඩඩ්ලි සැලකිය යුතු ජාතික වගකීමක් ඉටු කළ අයකු බවත් ලාල්කාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.