ඩැනියුබ් නදියේ වරායකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාර

ඩැනියුබ් නදියේ වරායකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාර

ඩැනියුබ් නදියේ වරායකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

පසුගිය මාසයේ කළු මුහුදේ ධාන්‍ය ගනුදෙනුවෙන් ඉවත් වීමෙන් පසු මොස්කව් විසින් යුක්‍රේනයේ වරායකට එල්ල කළ හත්වැනි ප්‍රහාරය මෙය බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා

වැඩිදුරටත් යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ රුසියාව ගෝලීය ආහාර සුරක්ෂිතතාව ඉලක්ක කරන බවයි

එමෙන්ම රුසියානු හමුදා හිතාමතාම වරාය යටිතල පහසුකම් ඉලක්ක කරන්නේ අපනයන අවහිර කිරීමේ ප්‍රයත්නවල කොටසක් ලෙස බව යුක්‍රේන නිලධාරීන් පවසනවා

මෙම පහර දීම් යුක්‍රේන ධාන්‍ය මත යැපෙන සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයක් බවයි වැඩිදුරටත් ඔවුන් පවසන්නේ

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් Kherson සහ Dnipropetrovsk ප්‍රදේශවල පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This