
ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (11) අලුයම් කාලයේදී ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව සඳහන්.
ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තකට අදාළව ඔහුව අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
2024 වර්ෂයේ දී නාන්ඒරිය පොලිස් ස්ථානාධිපතිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කර තිබෙනවා.
ඊට අදාළව ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන නියෝගයක් ද නිකුත් කර තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කර සිටියේ.
ඒ අනුව ඩෑන් ප්‍රියසාද්ව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතයි.