ඩෑන් ප්‍රියසාද් ජිවිතක්ෂයට – පොලීසිය ස්ථිර කරයි

ඩෑන් ප්‍රියසාද් ජිවිතක්ෂයට – පොලීසිය ස්ථිර කරයි

වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර සිටි සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ (22) රාත්‍රීයේ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

රාත්‍රී 9:10ට පමණ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර සිදුකර පලාගොස් තිබෙනවා.

ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළා..

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

Share This