ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයට මහ බැංකුවෙන් දඹුල්ලට යයි

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයට මහ බැංකුවෙන් දඹුල්ලට යයි

ශ්‍රී ලංකා මහ බැංකුව ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ඉදිරියට ගෙනයමින් ලබන මස 01 සහ 02 යන දෙදින දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන න්ම් කර ඇත්තේ ” ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු ” යනුවෙන්.

මූල්‍ය අන්තර්ගත භාවය වැඩිදියුනු කිරීම සහ එතුලින් ආර්ථික වර්ධනයට මග පැදීමේදී ඩිජිටල් ගෙවීම් මගින් ඉටුකරන කාර්යභාරයේ වැදගත්කම පැහැදිළි කිරීමට මෙමගින් බලාපොරොත්තු වනවා.

මහ බැංකුව පවසන්නේ මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට ගනු දෙනු සදහා භාවිත කළ හැකි වඩාත්ම ආරක්ෂිත පහසු සහ කා‍ර්යක්ෂම විකල්පයක් වන ඩිජිටල් ගෙවීම් පිළිබද දැනුම සහ අත්දැකීම් ශ්‍රී ලාංකිකයින්ට ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ බවයි.

Share This