
ඩෙංගු සහ වසංගත රෝග නිල ප්‍රකාශ නිකුත් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙදෙනෙක්
ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු පැහැදිළි කිරීම සහ නිල ප්‍රකාශ නිකුත් කිරිම සඳහා නිලධාරීන් දෙදෙනෙකු පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පියවර ගෙන ඇත.
ඩෙංගු සහ වසංගත රෝග තත්ත්වයන් පිළිබඳව සාවද්‍ය තොරතුරු සමාජගතවීම තුළ සමාජයේ අනිසි බියක් ඇතිවීම වැළැක්වීමත්, නිල නොවන අයුරින් සිදු කරන ප්‍රකාශයන් හේතුවෙන් මාධ්‍ය තුළින් වැරදි අර්ථකථනයක් ඉදිරිපත් වීම වැළැක්විමත් යන කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම පත්කිරීම් සිදු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ඩෙංගු රෝගය පිළිබඳව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මියත්, වසංගත රෝග තත්ත්වයන් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතාත් මින් ඉදිරියට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත නිවැරදි හා නිල ප්‍රකාශ නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.
- ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මිය.
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා.