ඩෙබි කුණාටුවෙන් පසු උතුරු අයර්ලන්තයේ පොදු ප්‍රවාහන ජාලයට බාධා

ඩෙබි කුණාටුවෙන් පසු උතුරු අයර්ලන්තයේ පොදු ප්‍රවාහන ජාලයට බාධා

ඩෙබි කුණාටුවෙන් පසු උතුරු අයර්ලන්තයේ පොදු ප්‍රවාහන ජාලයට බාධා එල්ල වී තිබෙනවා.

කුණාටුවෙන් පසු තද සුළං සහ තද වැසි ඇතිවිය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කාලගුණ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වූ නමුත් පසුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් එය ඉවත් කර තිබෙනවා.

මේ අතර උතුරු අයර්ලන්තයේ ප්‍රධාන වශයෙන් Craigavon, Newry සහ Downpatrick හි ජනතාව 2,000ක් පමණ විදුලිය නොමැතිව සිටි බවයි පැවසෙන්නේ .

ගස් කඩා වැටීම හේතුවෙන් Ballymena හි සමහර මාර්ග වසා දමා ඇති අතර Stormont’s Department for Infrastructure (DfI) ප්‍රකාශ කළේ Antrim ප්‍රාන්තයේ Glenarm හි A2 වෙරළ තීරයේ නායයෑමක් පිළිබඳ වාර්තා වී ඇති බවයි.

 

Share This