ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් චෝදනාවක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් චෝදනාවක්

නිලයෙන් ඉවත් වූ පසු ධවල මන්දිරයෙන් රැගෙන ගිය රහසිගත ලියකියවිලි සම්බන්ධව පවතින විමර්ශනවලදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් චෝදනාවක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ලියකියවිලි සම්බන්ධව පවතින නඩුවට බාධා කිරීමේ අරමුණින් ෆ්ලොරිඩා වතුයායේ ආරක්ෂිත දර්ශන මකා දැමීමට සේවකයෙකුට බලපෑම් කළ බවටයි හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබෙන්නේ

නීතිවිරෝධී ලෙස තබා ඇති ලිපිගොනු ගෙන යන ආකාරය දර්ශනවල දැක්වෙන බව නඩු පවරන්නන් සඳහන් කරනවා

කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වන Carlos de Oliveira ට ද චෝදනා එල්ල වී ඇති අතර එම දර්ශන මකා දැමීමට කුමක් කළ යුතු දැයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසා ඇති බවද වාර්තා වනවා

Share This