
තංගල්ලේ දී ,අයිස් සහ හෙරොයින් කිලෝ 200 ක් සහ ගිනි අවි 4 ක් පොලීසිය භාරයට (VIDEO)
අයිස් සහ හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබියදී තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
මෙම ලොරි රථය අද (22) ධාවනය කරමින් තිබියදී පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම රථය තුළ තිබී අයිස් සහ හොරොයින් කිලෝ 200 ක් පොලීසිය සොයා ගත්තා.
තංගල්ල පොලීසියට ලද තොරතුරකට අනුව ගොඩැල්ලවෙල, තංගල්ල යන ලිපිනයේ පිහිටි රථවාහන සේදුම් ස්ථානයක් (Service station) තුළ පරික්ෂා කිරිමේදී එහි නවතා තිබූ ෆීසර් වර්ගයේ රථයත් තුළ තිබූ පහත සඳහන් අවි සහ මත් ද්‍රව්‍ය ගබඩා කර තිබී සොයා ගත්තා.
1. කුඩා පැති අවි – 05
2. T 56 අවි – 01
3. අයිස් බොක්ස් – 86
4. හෙරොයින් පාර්සල් – 100