
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක්
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශයේ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
ඒ අනුව එම මුහුදු ප්‍රදේශයේ මුහුදු රළ උස මීටර් 2.5 – 3.0 ක් පමණ ඉහළ යාමේ හැකියාව පවතින බව සඳහන්
මේ හේතුවෙන් ඉදිරි පැය 24 සඳහා පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙසයි නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙන්නේ