තමන්ගේම දරුවාට පහරදෙන වීඩියෝවක් හිටපු පෙම්වතියට යැවූ චීන ජාතිකයා

තමන්ගේම දරුවාට පහරදෙන වීඩියෝවක් හිටපු පෙම්වතියට යැවූ චීන ජාතිකයා

තම හිටපු පෙම්වතියගේ සහ ඔහුගේම දරුවාට පහරදෙන ආකාරය වීඩියෝ කර එම වීඩියෝව පෙම්වතියට යැවූ චීන ජාතිකයෙක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පතට අනුව, මෙම සිද්ධිය චීනයේ ගුවැන්ඩොං පළාතේ සිදුව තිබෙනවා.

ස්වයං-රූගත කළ වීඩියෝවේ ඩෙන්ග් ලෙස හඳුනාගත් පුද්ගලයා මිනිත්තු භාගයක් තුළ තම ළදරු පුතාගේ මුහුණට 30 වතාවක් පමණ පහර දී ඇති බවයි සඳහන් වන්නේ.

බිළිඳා හඬා වැටෙද්දීත් ඔහුගේ මුහුණ රතු වී ඉදිමෙන තුරු කම්මුල් පහරක් එල්ල කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

මෙම වීඩියෝව අන්තර්ජාලය සංසරණය වී ඇති අතර චීනයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් කෝපයක් ඇති කර තිබෙනවා.

බලධාරීන් විසින් මෙම පුද්ගලයාට පියෙකු වීමට ඇති අයිතිය අවලංගු කළ යුතු බවත් එසේ නොවුවහොත් අනාගතයේදී දරුවා මේ ආකාරයෙන් හිංසනයට ලක්විය හැකි බවත් සමාජයේ බොහෝ දෙනෙකු පවසා තිබෙනවා.

මෙම බිහිසුණු වීඩියෝව සම්බන්ධයෙන් Guangdong පළාතේ Zhanjiang හි නාගරික ආන්ඩුවට ප්‍රකාශයක් නිකුත් කිරීමට පවා සිදු වුණා.

නිලධාරීන් පවසන පරිදි, ඔහුගේ පෙම්වතිය වන චෙන් ලෙස හැඳින්වෙන ළදරුවාගේ මව ඔහු හැර ගිය පසු, ඔවුන්ගේ පුතා තනිවම බලා ගැනීමට සිදුවීම ගැන ඩෙන්ග් ආතතියට පත් වී ඇති බවයි.

එබැවින් දරුවට පහරදී ඇයව නැවත ගෙන්වා ගැනීමේ අපේක්ෂාවෙන් වීඩියෝව ඇයට යවා ඇති බවයි බලධාරීන් පවසන්නේ.

 

 

 

Share This