
තමා සමග කතා කිරීම ප්‍රතික්ෂේප කළ ඉන්දියාවේ තරුණයෙකු, තරුණියක ඝාතනය කරයි
තමා සමග කතා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ තරුණයෙකු විසින් 17 හැවිරිදි වියේ පසුවන තරුණියක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
අදාළ සිදුවීමෙන් අනතුරුව ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
තියුණු ආයුධයකින් පහරකෑමට ලක්වූ අදාළ තරුණිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර සැකකරුගේ අනන්‍යතාවය අනාවරණය කරගෙන තිබෙනවා.