
තරගාවලියෙන් ඉවත් වූ රවිචන්ද්‍රන් අශ්වින්
ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.
ඒ, ඔහුගේ පෞද්ගලික හේතුවක් නිසාවෙන් බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර ඇත්තේ.
එංගලන්තය සහ ඉන්දියාව අතර රාජ්කෝට්හී පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (16) දිනයේ දී අශ්වින් ලකුණු 37ක් රැස් කිරීමට සමත් වුණා.
එමෙන්ම ඊයේ දිනයේ දී එක් කඩුල්ලක් දවාගනිමින් සිය ටෙස්ට් කඩුලු 500 සීමාව පසුකිරීමටත් ඔහු සමත් වීම විශේෂත්වයක්.
නමුත් ඊයේ හදිසියේම අශ්වින් සිය පෞද්ගලික හේතුවක් නිසාවෙන් තරගයෙන් ඉවත් විය යුතු බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා ඇති අතර ඔහුගේ අවශ්‍යතාව සලකා බැලූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊට අවසර ලබාදී තිබෙනවා.
කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේදීම අශ්වින් සිය මවගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය සමඟ චෙන්නායි බලා පිටත්ව ගොස් ඇති බවයි.
