
තරුණයින් බස්නාහිර පළාත් පාලනයට යොදාගන්නා “YoLoGo” වැඩසටහන ඇරඹේ.
බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සඳහා තරුණයින් සහයෝගී කර ගැනීමේ YoLoGo (Youth in Local Governance) වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (05) බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර හනීෆ් යුසූෆ් මහතාගේ සහ ශ්‍රී ලංකා කැනේඩියානු මහ කොමසාරිස් එරික් වෝල්ෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සභා ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී ාඅරම්භ වුණා.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සේනාරත්න, කොළඹ මහා නගර සභාවේ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියා.
ආණ්ඩුකාරවරයාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක මෙම සුවිශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු සුදානම් කර ඇත්තේ බස්නාහිර පළාත් සභාව සහ ශ්‍රී ලංකා කැනේඩියානු මහා කොමසාරිස් කාර්යාලය සමඟ ඒකාබද්ධවයි.
මෙම වැඩසටහන හරහා වර්තමානය වන විට රාජ්‍ය පාලනයට අඩු දායකත්වයක් සපයන තරුණ නියෝජනය ඉහළ ප්‍රතිශතයකින් දායක කරගැනීම අරමුණු කරනවා.
සමාරම්භක උත්සවයේදී ආණ්ඩුකාරවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී අරුණ ප්‍රදීප් කුමාර මහතා පෙන්වා දුන්නේ 1971,1987-89 තරුණ නැගිටීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතා විසින් 1990 වසරේ දී තරුණ කොමිසම හදුන්වාදුන් බවයි.
එමෙන්ම පසුව පළාත් පාලන ආයතනවල තරුණයින් (අවු. 18-35) සඳහා නිර්දේශිත 40% කෝටාව හදුන්වාදුන් බවත් ඔහු පැවසුවා.
1990 අංක 25 දරන පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත මගින් ද රාජ්‍ය පාලනයට තරුණයින් වැඩි වශයෙන් සම්බන්ධ කරගැනීමට ප්‍රයත්න දැරුවද වර්තමානය තෙක් එය අපේක්ෂිත මට්ටමින් සාර්ථක වී නොමැති බව අරුණ ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් පැවසුවා.
ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක මෙම YoLoGo වැඩසටහන එම රික්තකය පිරවීමට ජාත්‍යන්තර සහයෝගය සහිතව දරන ප්‍රයත්නයක් බව මෙහිදී පැහැදිළි කෙරුණා.
මෙම වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ සියලුම නගර සභා, ප්‍රාදේශීය සභා 49 ක තරුණ මන්ත්‍රීවරුන් නියෝජිතයන් ලෙස පත්කරමින් පළාත් තරුණ පාලන ජාලයක් පිහිටුවීමට කටයුතු යොදා තිබෙනවා.
ඔවුන්ගේ මෙහෙයවීම යටතේ තරුණයින්ගෙන් සමන්විත තරුණ උපදේශන කමිටු සෑදීමට කටයුතු කරන බවත් ආණ්ඩුකාරවරයා කියා සිටියා.
ඔහු අවධාරණය කළේ “තරුණයින් අනාගතය නොව, ඔවුන් මේ මොහොතේම නායකත්වය ගන්නා ජනතාවය” බවයි.