පස් දෙනෙකුට මරණ දණ්ඩනය (VIDEO)

පස් දෙනෙකුට මරණ දණ්ඩනය (VIDEO)

2012 වසරේ කොළඹ , මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසල දී තරුණයෙකුට විකට් පොලු සහ පොලුවලින් පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා

එමෙන්ම එම චෝදනාවට වරදකරු කළ තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්ද නියම කරනු ලැබුවා.

අදාළ වරද සිදු කරන අවස්ථාවේ මෙම විත්තිකරුවන් දෙදෙනා වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ව සීටි බැවින් ඔවුන්ට එලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල විසින් ඔප්පු කර තිබෙන බවයි.

ඒ අනුව විත්තිකරුවන් චෝදනා තුනකට වරදකරුවන් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

මෙසේ මරණීය දණ්ඩනය නියම වූ එක් විත්තිකරුවකු සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ විත්තිකරුවකු පිය පුතුන් බවත් නඩු විභාගයේදී අනාවරණය වුණා.

මෙම නඩුවේ චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් දෙදෙනෙකු නඩු විභාගය අතරතුරදි මියගොස් තිබුණා.

2012 වසරේ සැප්තැම්බර් මස 26 වනදා මට්ටක් කුලිය තොටුපොල පාරේ කෝවිලක් අසල දෙපිරිසක් අතර වූ ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් 21 ක් හැවිරිදි අවිවාහක තරුණයකු වන ෆ්රැන්සිස් සුරංජන් කෘස් නමැත්තාට විකට් පොලු වලින් සහ පොලු වලින් පහරදී මරා දැමීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනුකර තිබුණා.

Share This