තරුණියගේ මාල කොල්ලය වෙළෙදසල් හිමිකරුගේ ඉව නිසා වැළකේ

තරුණියගේ මාල කොල්ලය වෙළෙදසල් හිමිකරුගේ ඉව නිසා වැළකේ

හැටන් නගරසේ පති වීදියේ ස්වර්ණාභරණ වෙළෙදසලකින් රු.2,75000 ක් වටිනා ‍රන් මාලයක් රැගෙන පළායාමට උත්සාහගත් බවට චෝදනා කරමින් කාන්තාවක් පිළිබද ලද පැමිණිල්ලකට අනුව පොලීසිය සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කාන්තාව හැටන් වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව නියෝග කර ඇත්තේ ඇය වරද පිළිගැනීම නිසා මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි.

නඩුව අගෝස්තු 05 වැනිදා යලි කැදවන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

පසුගිය 01 වැනිදා වෙළෙදසලට පැමිණි අදාල කාන්තාව මාලයක් මිල දී ගැනීමේ මුවාවෙන් මාලය ලබාගෙන් වෙළෙදසල් හිමියාගේ මුහුණට කිසියම් දියරයක් ඉස පළායාමට තැත් කිරීමේ දී ඇයව අල්ලා ගන්නා ආකාරය වෙළෙදසලේ CCTV කැමරාවක සටහන්ව තිබුණා.

මෙම සැකකාර කාන්තාව කොළඹ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එක දරු මවක බව පරීක්ෂණවල දී අණාවරණය වී තිබෙනවා.

ඇය මස්කෙළිය අප්කට් ප්‍රදේශයේ කලක් පදිංචිව සිට ඇති අතර කොළඹ ඇගළුම් කර්මාන්ත ශාලාවක සෙවය කරන බවත් පොලීසිය අධිකරණයට දන්වා තිබුණා.

අදාල සැකකාර කාන්තාව පොලීසියට දන්වා ඇත්තේ සිය පියාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීමේ අවශ්‍යතාව මත මුදල් සොයා හැටන් නගරයට පැමිණි බවයි.

 

 

 

 

Share This