තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් කුරුල්ලෙක් වැදී ගොඩබස්වයි

තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් කුරුල්ලෙක් වැදී ගොඩබස්වයි

දිල්ලියේ සිට පූනේ බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයක් අද (20) කුරුල්ලෙකු ගැටීමකට ලක් වීම නිසා , එම ගුවන් යානයේ ආපසු ගොඩබැස්සවීමට සිදු වුණා.

ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගුවන් යානය ආරක්ෂිතව පූනේ හි ගොඩ බැස්සවීමෙන් පසු කුරුල්ලෙකුගේ ගැටීම අනාවරණය වූ බවයි.

ගුවන් ගමන තාවකාලිකව නතර කර ඇති අතර ඉංජිනේරු කණ්ඩායමක් පුළුල් පරීක්ෂාවක් සිදු කළ බව එයාර් ඉන්දියා ගුවන් සමාගම පැවසීය.

“ජුනි 20 වන දින පූනේ සිට දිල්ලිය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ AI2470 ගුවන් යානය කුරුල්ලෙකුගේ ගැටීම හේතුවෙන් මෙලෙස අවලංගු කර තිබුණා.

ගුවන් යානය පූනේ හි ආරක්ෂිතව ගොඩ බැස්සවීමෙන් පසුව එහි ගමන් කළ මගීන් සඳහා නවාතැන් පහසුකම් සැපයීම ඇතුළුව සියලු කටයුතු සිදු කරන බව ගුවන් සමාගම දැනුම් දී තිබුණා.

 

Share This