තවත් පහළ ගිය උද්ධමනය

තවත් පහළ ගිය උද්ධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 35.3%ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය 50.3%ක් ලෙස සටහන් වී තිබුණා.

මාර්තු මාසයේ දී 50.3%ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී 30.6%ක් දක්වා අඩුවී තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ 51.7%ක් වූ මාර්තු මාසයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී 37.6%ක් දක්වා අඩුවී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Share This