තවත් පුද්ගලයන් 145ක් පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින බවට වාර්තා -ජෙරුසලමේ වෙඩි තැබීමකින් 8කට තුවාල

තවත් පුද්ගලයන් 145ක් පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින බවට වාර්තා -ජෙරුසලමේ වෙඩි තැබීමකින් 8කට තුවාල

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සාකච්ඡා තවත් දිනක් පැවැත්වෙන බව කටාර් මැදිහත්කරුවන් පවසා තිබෙනවා

ඒ අනුව සතුරුකම් නැවැත්වීම සහ මානුෂීය ආධාර සඳහා ඉඩ දීම ඇතුළත් සටන් විරාමයේ කොන්දේසි එලෙසම පවතින බවයි කටාර් රාජ්‍යය පවසන්නේ

මේ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ටෙල් අවිව් වෙත පැමිණ ඇත්තේ සටනේ විරාමය දීර්ඝ කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඊයේ (29) රාත්‍රියේ හමාස් සංවිධානය විසින් අල්ලාගෙන සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් 16 දෙනෙකු නිදහස් කරන ලද අතර පලස්තීනුවන් 30 දෙනෙකු ද නිදහස් කර තිබෙනවා

තවත් පුද්ගලයන් 145 ක් පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින බවයි පැවසෙන්නේ

සටන් විරාම අතරමැද ජෙරුසලමේ වෙඩි තැබීමකින් 24 හැවිරිදි කාන්තාවක් මිය ගොස් අට දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රෝහල් වෙත යොමු කළ අට දෙනාගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන අතර, එක් අයෙකු මධ්‍යස්ථ තත්ත්වයේත් , දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් සඳහන් .

ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න තවමත් පැහැදිලි නැහැ

Share This