තවත් විදේශීය ජාතිකයින් පිරිසක් අද ගාසා තීරයෙන් පිටත්ව යාමට සූදානම්

තවත් විදේශීය ජාතිකයින් පිරිසක් අද ගාසා තීරයෙන් පිටත්ව යාමට සූදානම්

තවත් විදේශීය ජාතිකයින් පිරිසක් අද(07) ගාසා තීරයෙන් පිටත්ව යාමට නියමිතව තිබෙන අතර ඔවුන් රෆා හරස් මාර්ගය හරහා ඊජිප්තුවට යන බව විදෙස් මාධ්‍ය පවසනවා .

එක්සත් රාජධානියේ දෙදෙනෙකු ඇතුළුව හරස් මාර්ග සහ දේශසීමා පිළිබඳ සාමාන්‍ය අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලැයිස්තුවේ ගාසා තීරයෙන් පිටව යාම සඳහා විදේශ ගමන් බලපත්‍ර හිමියන් 600 ක් පමණ සිටින බවයි පැවසෙන්නේ

ජර්මනිය, රුමේනියාව, ප්‍රංශය, පිලිපීනය, යුක්‍රේනය, කැනඩාව සහ මෝල්ඩෝවා යන රටවල පුද්ගලයින් ද මෙම ලැයිස්තුවට ඇතුළත් බව සඳහන්

රෆා හරස් මාර්ගය සති තුනකට වැඩි කාලයක් වසා දැමීමෙන් පසු නොවැම්බර් 1 වන දින සමහර විදේශීය ගමන් බලපත්‍ර හිමියන් සහ තුවාල ලැබූ පලස්තීනුවන් සඳහා විවෘත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .

කෙසේවෙතත් එය සෙනසුරාදා නැවත වසා දැමූ අතර සඳුදා නැවත විවෘත වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ .

Share This