
තහනම් පිරමීඩවල ඔබ තවමත් මුදල් යොදනවාද?
පිරමීඩ විරෝධී සතිය ඇරැඹේ.
තහනම් පිරමීඩ වල සල්ලි දැමීමෙන්ම වළකින ලෙස මහ බැංකුවේ සහකාර අධිපතිනි ඩබ්ලිව්. ඒ. දිල්රුක්ෂිණී මහත්මිය ජනතාවට දැනුම් දෙනවා.
කොළඹ කොටුව ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ , ඊයේ පැවති මාධ්‍යවේදී වැඩමුළුවකදී අනාවරණය වුණේ දැනට රට පුරා ක්‍රියාත්මක තහනම් පිරමීඩ යෝජනා ක්‍රමය වැළැක්වීම සඳහා පවතින නීති රීති ප්‍රමාණවත් නොවන බවයි.
ඒ අනුව, දිනෙන් දින ඉහළ යන තහනම් පිරමීඩ යෝජනා ක්‍රම මගින් පීඩාවට පත්වන ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් මේ මස 14 සිට 18 දක්වා පිරමීඩ විරෝධී සතියක් නම් කර තිබෙනවා.