ත්‍රස්තවාදීන් නතු කරගත් බලුකිස්ථානයේ දුම්රියක මගීන් මුදාගන්න මෙහෙයුම්

ත්‍රස්තවාදීන් නතු කරගත් බලුකිස්ථානයේ දුම්රියක මගීන් මුදාගන්න මෙහෙයුම්

බලුකිස්ථානයේ මගී දුම්රියකට එල්ලවූ ප්‍රහාරයකින් අනතුරුව එහි සිටි පුද්ගලයින් 155 දෙනෙකු මුදා ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.

එමෙන්ම ආරක්ෂක අංශ විසින් ප්‍රහාරකයින් 27 දෙනෙකු ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මගීන් 450 දෙනෙකු රැගත් දුම්රියක්, Quetta සිට Peshawar අතර ගමන් කරමින් සිටියදී සැඟව සිටි සන්නද්ධ කණ්ඩායමක් විසින් අදාළ ප්‍රහාරය එල්ල කර තිබුණා.

එහිදී දුම්රියට වෙඩි තැබීමක් සිදුව ඇති අතර උමඟක් තුළ එය පැය ගණනක් සිර වී තිබී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් දුම්රියේ රියදුරු ඇතුළු 38 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම BLA නමැති ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති අතර ඔවුන් විසින් නිලධාරීන් ඇතුළු 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන තිබූ බව සඳහන්.

දේශපාලන සිරකරුවන් සහ අතුරුදන් වූවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි එම සංවිධානය පැය 48ක් ඇතුළත තම ඉල්ලීම් ඉටු නොකළහොත් සිය භාරයේ සිටින පිරිස ඝාතනය කරන බවට ඔවුන් අනතුරු අඟවා තිබෙනවා.

තවමත් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර මේ පිළිබඳව අදහස් දක්වමින් ආරක්ෂක නිලධාරීන් පවසන්නේ තමන් සටන් කරන්නේ අහිංසක සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිතා කරන කුරිරු සතුරෙකු සමඟ බවයි.

Share This