
ත්‍රීපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්.
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති ලෙස අමල් නිරෝෂණ අත්තනායක මහතා අද (16) පෙරවරුවේ කඳාන පිහිටි එම සමාගම් පරිශ්‍රයේ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා.
දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතායි.
වසර 25 කට අධික කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුදක් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හිමිකරගෙන තිබෙනවා.
දේශීය මෙන්ම විදේශීය වෙළෙද සන්නාම රැසක නිර්මාණකරු වන අත්තනායක මහතා නවීන තාක්ෂණික හා ඩිජිටල්කරණය භාවිතයේ මනා පලපුරුද්දක් සහිත අයෙක්.