
“තාඕ න ප්‍රකරණය” දොරට වැඩුම
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, ශාස්ත්‍ර පීඨයේ, දර්ශන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද, දර්ශනපති පූජ්‍ය සඳ මඩුල්ලේ සුමනසාර ස්වාමින් වහන්සේ විසින් චීන බසින් සිංහල බසට පරිවර්තිත ‘තාඕ න ප්‍රකරණය ‘ නම් අගනා දාර්ශනික කෘතිය එළි දැක්වීම වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ දර්ශන සංගමයේ සභාපතිතුමිය ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ පිරිසකක්ද සහ සම්බන්ධ වූණා.
කෘතිය පිළිබඳ විශේෂ ආරාධිත දේශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, ශාස්ත්‍ර පීඨයේ දර්ශන දෙපාර්තමේන්තුවේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයන්ත බෝගොඩ මහතා විසින් පවත්වන ලද අතර ඉතිහාස අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය මදුර වල සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් උත්සව සභාවේ මුලසුන හොබවන ලදී.
‘තාඕ ත ප්‍රකරණය’ කෘතිය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද ආචාර්ය ශු ඡියා යූ මහත්මිය විසින්ද මේ පරිවර්තන කාර්ය පිළිබඳව දේශනයක් පවත්වන ලදී.
එමෙන්ම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, පුජ්‍ය පත්බේරියේ විමලඤාණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය මදුරාවල සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, දර්ශනපති සඳ මඩුල්ලේ පූජ්‍ය සුමනසාර ස්වාමීන් වහන්සේ, ශාස්ත්‍ර පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා, දර්ශන අධ්‍යනාංශාධිපති මහාචාර්ය නාමලී කුමාරි හඳගම මහත්මිය, ආචාර්ය සුමේධ වීරවර්ධන මහතා, සහකාර කථිකාචාර්ය ලක්ෂාන් විරාජිත් චන්ද්‍ර සිරි මහතා යන අය උත්සව සභාවේදී අදහස් පළ කලා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, ශාස්ත්‍ර පීඨයේ, දර්ශන අධ්‍යනාංශයේ ඉගැන්වෙන පාඨමාලා අතරින් එකක් වන ‘ඈත පෙරදිග දර්ශනය’ (Far Eastern Thought- PHY-3007) අධ්‍යයන කාර්යයක් ලෙස මෙම ග්‍රන්ථ එළිදැක්වීමේ උළෙල සංවිධානය කර තිබුණා.
තාඕ දහමේ ප්‍රධාන මූලාශ්‍රය වන ‘තාඕ ත ප්‍රකරණය’ට අමතරව ඈත පෙරදිග දාර්ශනික ධාරා වන තාඕ, කොන්ෆියුසියස්, චීන බුදු දහම පිළිබඳ ව කෘති පහක් පමණ මේ වන විටත් දර්ශනපති පූජ්‍ය සඳ මඩුල්ලේ සුමනසාර ස්වාමීන් වහන්සේ විසින් චීන භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කර තිබෙනවා.