තායිලන්ත හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට අධිචෝදනා

තායිලන්ත හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට අධිචෝදනා

තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවත්‍රාට එරෙහිව එරට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කිරීමට නියමිතව තිබෙනවා.

රජයට අපහාස කළ බවට චෝදනා කරමින් එලෙස අධිචෝදනා ගොනු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කර තිබුණද කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තක්ෂින් අධිකරණයේ පෙනී සිට නැහැ.

ඒ අනුව ඔහුට එළඹෙන ජුනි මස 18 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.

කෙසේවෙතත් 74 හැවිරිදි වියේ පසුවන තක්ෂින් ෂිනවත්‍රා එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

තායිලන්ත රජයට විවේචනය කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැති අතර එය නීතියෙන් තහනම් කර තිබෙනවා.

තායිලන්ත රජ පවුලට සිදු කරන අපහාස සඳහා වසර 15ක උපරිම සිර දඬුවමක් නියම වන අතර පසුගිය කාලය තුළම නඩු 270කට අධික සංඛ්‍යාවක් විවිධ පුද්ගලයින්ට එරෙහිව පවරා ඇති බව සඳහන්.

Share This