තායිවානයට වසර 25කට පසු රිච්ටර් මාපක 7.4ක භූමිකම්පාවක් (VIDEO)

තායිවානයට වසර 25කට පසු රිච්ටර් මාපක 7.4ක භූමිකම්පාවක් (VIDEO)

අද(03) උදෑසන තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ රිච්ටර් මාපක 7.4 ක භූමිකම්පාවක් හේතුවෙන් තායිවානයට සහ අසල්වැසි රටවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. .

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව තායිවානයේ හුආලීන් නගරයට දකුණින් කිලෝමීටර් 18ක් පමණ දුරින් මෙම කම්පනය සිදුව ඇති බව සඳහන්.

හුආලීන් හි ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව තිබෙනවා.

එය වසර 25කට පසු තායිවානයේ සිදු වූ ප්‍රබලතම භූමිකම්පාව බවයි භූ කම්පන විද්‍යා නිලධාරීන් පෙන්වා දෙන්නේ.

Taiwanese chipmaking giant TSMC සමාගම පවසන්නේ තම කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා Hsinchu සහ දකුණු තායිවානයේ කර්මාන්තශාලා කිහිපයක් ඉවත් කර ඇති ඇති බවයි.

TSMC යනු Apple සහ Nvidia ඇතුළු තාක්ෂණික සමාගම් සඳහා අර්ධ සන්නායක නිෂ්පාදනය කරන ප්‍රධාන නිෂ්පාදකයෙක්.

තායිවානයට බලපෑ කම්පන හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබු අතර වූ ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ මේ වනවිට අනතුරු ඇඟවීම ඉවත් කර ඇති බවයි.

එමෙන්ම පිලිපීනයේ භූ කම්පන විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති අතර, නිවැසියන්ට උස් බිම් වෙත ඉවත් වන ලෙස ඉල්ලා තිබෙනවා. .

කෙසේ වෙතත් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය භූමිකම්පාව ඇතිවී පැය දෙකකට පමණ පසු යාවත්කාලීන කිරීමකදී කියා සිටියේ සුනාමි තර්ජනය දැන් පහව ගොස් ඇති බවයි.

Share This