තැපැල් ඡන්දය සලකුණු කිරීමට තව දින දෙකක්

තැපැල් ඡන්දය සලකුණු කිරීමට තව දින දෙකක්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට අද (11) සහ හෙට (12) දෙදින ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තුළ දී තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකියි.

සැප්තැම්බර් 04 වන දා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වූ අතර සැප්තැම්බර් 05 සහ 06 යන දිනවල දී ද තැපැල් ඡන්ද හිමියන් සිය ඡන්දය සලකුණු කළ බව සඳහන්.

Share This