තැපැල් වර්ජනය අවසන් වන ලකුණු – වෘත්තීය සමිති ඇමති සමග එකගතාවක්

තැපැල් වර්ජනය අවසන් වන ලකුණු – වෘත්තීය සමිති ඇමති සමග එකගතාවක්

තැපැල් දෙපර්තමේන්තුවේ වෘත්තීය සමිති සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතීස්ස මහතා අතර පැවති සාකච්ඡා පළ දැරූ බව වෘත්තීය සමිති නියෝජිතයින්,දෙපාර්තමේන්තු පරිපාලනය සහ විෂය භාර අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ වර්ජනයේ නිරත වෘත්තීය සමිති ඇගිළි අත්සන තැබීම සහ රජය බොස්‍රපත් කර ඇති අතිකාල දීමනා වෙනසක් නොවී ඒ අකාරයෙන්ම සදුදා සිට ක්‍රියාතමක වන බවයි.

අද සවස 4.00 සිට සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට වර්ජනයේ නිරත වෘත්තීය සමිති එකග වූ බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඒ අනුව සදුදා සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ පාලන සහ මෙහෙයුම් අංශ දෙකෙහි ඇගිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කරන බව ද අමාත්‍ය නලින්ද ජයතීස්ස මහතා පැවසුවා.

මේ අතර වර්ජනයේ නිරත තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයින් පැවසුවේ අමාත්‍යවරයා සමග ය්ම් එකගතාවන්ට එළඹි අතර එම එකගතා තැපැල්පතිවරයා ලිඛිටව ලබාදීමෙන් පසුව තම තීරණය ප්‍රකාශ කරන බව ද පැවසුවා.

එම එකගතා තැපැල්පතිවරයාගෙන් ලබාගෙන සිය තීරණය මාධ්‍ය වෙත දැනුම් දෙන බව ඔවුන් පැවසුවා.

මෙම සාකච්ඡා සදහා දැනව වර්ජනයට එක් නොවූ සමස්ත ලංකාුප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ද එකව සිටියා.

ඔවුන් පැවසුවේ රජය පර්ශ්වයෙන් ,න්ඩොෂ් ඇති විසදුම් සාධනීය බවයි.

තම සංගමය වර්ජනයට එක් නොවූයේ ඇතැම් ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසදාගත හැකි තත්ත්වයේ පැවති ඒවා බවද ඔවුන් පැවසුවා.

ඒ අනුව බොහෝ දුරට අද සවස තැපැල් සේවක වර්ජනය අවසන් වනු ඇති.

 

Share This