තැපැල් වර්ජනය නවතී – පාඩුව කෝටි 07යි

තැපැල් වර්ජනය නවතී – පාඩුව කෝටි 07යි

වැඩවර්ජනය හේතුවෙන් ගොඩගැසී තිබූ තැපැල් මලු 2,000කට අධික ප්‍රමාණයක් බෙදාහැරීම ආරම්භ කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ සිය වැඩවර්ජනය අවසන් කළ බවයි.

එමෙන්ම බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් වැඩ වර්ජනයේ නිරතවූ බව ඔහු සඳහන් කළා.

එමෙන්ම, පසුගියදා ක‍්‍රියාත්මක වූ මෙම තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 07ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කරයි.

මෙවැනි වැඩ වර්ජනවලින් තැපැල් දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳවැටෙන බවත් ඔවුන් විකල්ප ආයතන හරහා අදාළ කටයුතු කරගැනීමට යොමුවන බවද තැපැල්පතිවරයා සඳහන් කරයි.

Share This