තියුණු සටනක් දී ශ්‍රී ලංකාව – දකුණු කොරියාවට පරදී

තියුණු සටනක් දී ශ්‍රී ලංකාව – දකුණු කොරියාවට පරදී

2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ ආසියානු ශුරතාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ මුහුණ දුන් පළමු තරගයෙන් දකුණු කොරියාව හමුවේ ලකුණු 38ට 34ක තියුණු පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකාවට අද සිදු වුණා.

2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් වන ආසියානු ශුරතාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අද පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේ දී තරග බිමට පිවිසියා.

2027 වසරේ ඔස්ටේ්‍රලියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් පසුවන ශ්‍රී ලංකාව තරගයේ පළමු අර්ධයේ දී දකුණු කොරියාවට දැවැන්ත අභියෝගයක් එල්ල කරමින් ලකුණු 17ට 14ක් ලෙස පෙරමුණ ගත්තා.

කෙසේ වෙතත් දෙවැනි අර්ධයේ දී පෙරළිකාර තරග රටාවක නිරත වෙමින් පළමු අර්ධයේ දී ගිලිහුණු ජයග්‍රහණයේ බලාපොරොත්තුව තමන් දෙසට හරවාගත් දකුණු කොරියාව ලකුණු 24ක් රැස් කරගනිද්දී ශ්‍රී ලංකාවට එම අර්ධයේ දී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 17ක් පමණයි.’

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 38ට 34ක තියුණු ජයක් ලැබීමට දකුණු කොරියාව සමත් වුණා.

ශ්‍රී ලංකාව ආසියානු රග්බි ශුරතාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ මුහුණ දෙන මීළඟ තරගය එළඹෙන 22 වැනි දා හොංකොං රාජ්‍ය සමඟින් තරග වැදීමට නියමිතයි.

 

 

Share This