තිස්සමහාරාමයේ දී වෙඩි තබා සිව් දරු පියෙක් ඝාතනය කරයි

තිස්සමහාරාමයේ දී වෙඩි තබා සිව් දරු පියෙක් ඝාතනය කරයි

දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් භාවිතා කරමින් තිස්සමහාරාමයේ මුතියම්මාගම ප්‍රදේශයේදී ඊයේ සවස ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

තිස්සමහාරාම පොලිස් ස්ථානය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 58 ක පුද්ගලයකු බවයි.

ඔහු නිවසේ පවත්වාගෙන යන ගරාජයේ වැඩකරගෙන යමින් සිටිය දී ඊයේ සවස ඝාතනය සිදුකර තිබෙනවා.

වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති පුද්ගලයා ඝාතන කිහිපයකට සහ පාතාලය සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයකු වන වන්ඩු චමින්ද නොහොත් රත්නායක මුදියන්සේලාගෙ චමින්ද නමැති පුද්ගලයකු බවයි පොලීසිය පවසන්නේ.

පොලීසිය සැක පළ කරන්නේ මීට පෙර සිදුකළ මිනී මැරුමක සාක්ෂි වසන් කිරීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවයි.

වෙඩි තැබීම සිදුකළ ස්ථානයේ තිබී බෝර 12 වර්ගයේ හිස් පතුරොම් කොපුවක් පොලීසිය සොයාගෙන ඇති අතර බෝර 12 පතුරම් යොදන ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති නවට පොලීසිය අනුමාන කරනවා.

පවුල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පවසන පොලීසිය සැකකරු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය ඇසින් දුටු ඝාතනයට ලක් වූ තැනැත්තාගේ බිරිඳ පැවසුවේ සිය සැමියා ගරාජය ව්සා දැමීමට සූදානම් වන අවස්ථාවේ අදාල සැකකරු ” උඹලට හරි ගිහින්නෙ. පොඩ්ඩක් වරෙන් කෝ ” කියා අඬගැසූ බවයි. ඒ අවස්ථාවේ එම ස්ථානයට ගිය විට ප්‍රියන්ත නමැත්තාට වෙඩි තැබූ බව බිරිද ස්දහන් කළා.

මියගොස් ඇති පුද්ගලයා සිව් දරු පියෙක්.

 

Share This