
තීරුබදු සටනේ දී පසු නොබසින නමුත් සාකච්ඡා සඳහා චීනය සැමවිටම විවෘත බව කියයි
චීනය ඇමරිකාව සමග එකඟතාවකට පැමිණිය යුතු බවත් එසේ නොවුණහොත් ඇමරිකාව සමග වෙළෙඳ ගනුදෙනු කළ නොහැකි වනු ඇති බවට අමෙරිකාව පසුගියදා අදහස් පළ කිරීමත් සමඟ චීනය ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා සඳහන් කළේ, අමෙරිකාව විසින් දියත් කරන ලද තීරුබදු යුද්ධය සම්බන්ධයෙන්, චීනයේ ආකල්පය ඉතා පැහැදිලි බවයි.
ඒ, සටන් කිරීමට අවශ්‍ය නම්, චීනය කිසි විටෙකත් පසු නොබසින නමුත් සාකච්ඡා සඳහා එකඟ වන්නේ නම්, සිය දොරටු විවෘත කිරීමට චීනය සූදානම් බවයි.
එමෙන්ම අමෙරිකාවට සැබැවින්ම සංවාදය සහ සාකච්ඡා මගින් ගැටලු විසඳීමට අවශ්‍ය නම්, තර්ජනය කිරීම සහ අනිසි බල කිරීම නතර කළ යුතු බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.
සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන පදනම් මත, ඇමරිකාව චීනය සමග සංවාදයට පැමිණිය යුතු බවයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.