තුර්කියේ කම්හලක පැය නවයක කාලයක් රඳවා ගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනේ

තුර්කියේ කම්හලක පැය නවයක කාලයක් රඳවා ගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනේ

තුර්කියේ ඉස්තාන්බුල් නගරයෙන් පිටත කම්හලකදී ප්‍රාණ ඇපයට ගත් කම්කරුවන් හත් දෙනෙකු පැය නවයක මෙහෙයුමකින් පසුව බේරා ගත් බව නිලධාරීහු පවසනවා .

ප්‍රාදේශිය ආණ්ඩුකාර Seddar Yavuz පැවසුවේ ප්‍රාණ ඇපකරුවන්ට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවයි.

ගාසාවේ පවතින යුද්ධයට විරෝධය පාමින් සිටි සැකකරුවෙක් මෙලෙස සිදුකර ඇති බවත් “ගාසා තීරයට දොරටු විවෘත කෙරේ” යනුවෙන් පුවරුවක් සහිත පලස්තීන ධජයක් ගොඩනැගිල්ලේ දොරටුවේ පින්තාරු කර ඇති බවත් වාර්තා වනවා

පොලිස් නිලධාරීන් කර්මාන්ත ශාලාවට ප්‍රවේශවන ස්ථානය වට කර ඇති අතර වෛද්‍ය කාර්ය මණ්ඩලය එම ස්ථානයට යවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා

සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ක්‍රියාත්මක බව බලධාරීහු පවසන අතර සැකකරු සේවකයෙකු නොවන බවද සඳහන් වනවා

Share This