
තෙලිජ්ජවිල දිල්ෂාන්ට වද හිංසා පැමිණවීමේ සිද්ධියේ චූදිත O.I.C. 3 ක් ඇතුළු හතරකට දැඩි කොන්දේසි මත ඇප
මීට පස් වසරකට පෙර මාලිම්බඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීම පිළිබද තෙලිජ්ජවිල වලව දුරගේ දිල්ෂාන් මදුෂංක තරුණයාට වදහිංසා කිරීම එරෙහිව නැවත අධි චෝදනා භාර දී තිබෙනවා.
ඒ අනුව වැඩ තහනමට ලක්ව සිටින පොලියේ ඕ.අයි.සී. ලා 3 දෙනකු ඇතුළු හතරකට ශරීර හා මුදල් ඇප සමග දැඩි කොන්දේසි පැනවීමට ද අධිකරණය ලටයුතු කර තිබෙනවා.
මේ වසරේ මැයි 08 දින අධිචෝදනා පත්‍ර ගොනු කිරීමේ අයිතිය රදවා ගෙන ඉවත් කර ගත් අධිචෝදනා පත්‍ර අද නැවත භාර දීමක් අද සිදු කරන්නේ යැයි යැයි රජයේ අධිනීතිඥ අනුරාධ විජේසුරේන්ද්‍ර මහතා මහාධිකරණයේදී ඊයේ (30)දා පැවසුවේ මෙම චෝදනා නැවත් ගොනු කරමින්.
ඒ මාතර කොටවිල මහාධිකරණ අංක 01 ශාලාවේදී මහාධිකරණ විනිසුරුවයා හමුවේ අපරාධ නඩු අංක HC236/25 හා HC236/25A නඩුකර කැදවූ අවස්ථාවේදීයි.
මහාධිකරණ විනිසුරුවරයා එහිදී පැමිණිල්ලේ නීතිඥවරයාගෙන් විමසුවේ එලෙස ඉදිරිපත් කරන්නේ පෙර අධිචෝදනා පත්‍රමද යන්නයි.
අගතියට පත් දිල්ෂාන් මදුෂංක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතාගේ උපදෙස් මත නීතිඥ මොහොමඩ් ඉන්ෆාක් මහතා පෙනීසිටිමින් අධිකරණයට දැනුම් දුන්නේ තාක්ෂණික දෝෂ මගහරවාගත් නව අධිචෝදනා පත්‍රයක් බවයි.
චුදිතයන් වෙනුවෙන් නීතිඥ දසරාජ් දහනායක මහතා පෙනී සිටිමින් මහාධිකරණයෙන් ඇප අයදුම් කර සිටියා.
මෙම සැකකරුවන්ට දැඩි විශේෂ ඇප කොන්දේසි නිකුත් කරන ලෙස රජයේ අධිනීතිඥවරයා අධිකරණැයෙන් ඉල්ලා සිටියා.
එහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ එක් එක් සැකකරු වෙනුවෙන් රුපියල් 25,000 බැගින් මුදල් ඇප හා ළගම ඥාතීන් දෙදෙනකු ගේ රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරීමටයි.
විදෙස් ගමන් තහනම් කළ අතර විදෙස් ගමන් බලපත්‍ර තිබේ නම් ඒවා මහාධිකරණයට භාර දීමටත් නියම කළා.
එමෙන්ම මෙම නඩුවේ වින්දිත පාර්ශවකරුට හෝ වින්දිතයාගේ යම් නියෝජිතයකුට කවර ආකාරයේ හෝ බාධාවක් නොකරන ලෙසත් දැඩි ඇප කොන්දේසි පනපනවනු ලැබුවා.
පොලීසියට එහිදී නියම කළේ ඇගළි සලකුණු ලබා ගැනීමටයි.
අද 31 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයා අදාල සිදුවීමට මුහුණ දෙන විට 26 වැනි වියේ පසු වුණා.
තමන්ගේම ජංගම දුරකතන අලවිහලක් පවත්වාගෙන ගිය ඔහුට මුල්ම අමිහිරි අත්දැකීමට මුහුණ දෙන්නට සිදුවන්නේ 2020 අගෝස්තු මස 24 වැනිදායි.
මත්පැන් අලවිහලක් බිඳ ලක්ෂ ගණනක් සොරා ගත් බව කියමින් මේ තරුණයා මාලිම්බඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන දින දෙකක් තිස්සේ පහර දී තිබුණා.
අමානුෂික වධහිංසාවට ලක් වූ දිල්ෂාන් මදුෂංක දෙවැනි දින රාත්‍රියේ දී මාතර පොලිසියේ අපරාධ අංශයට බාර දී තිබුණා.
එහිදී ද වධ හිංසාවට ලක් වූ මෙම තරුණයාට නයි මිරිස් තලා කටේ එබීම සිදුකර තිබුණා.
මෙම වධහිංසා හේතුවෙන් තරුණයාට ඇඳ සිටි ඇඳුම්වල මුළ මුත්‍රා පහ වන අසාධ්‍ය තත්ත්වය හමුවේ අගෝස්තු 24 වැනිදා මාතර පොලීසිය බාරයට පති කිරීමෙන් පසුව අගෝස්තු 29 වැනිදා සවස 6 වන තෙක් මාතර පොලිසියේ රඳවාගෙන වධහිංසාවට ලක් කළ බවට පොලීසියට චෝදනා එල්ල වුණා.
තරුණයා මෙම අපරාධයට සම්බන්ධ නොමැති බව පසුව දැනගත් පොලිසිය කටයුතු කර තිබුණේ ඔහු නිවසට ගෙන ගොස් බාර දීමටයි.
මේ ගැන පැමිණිලි නොකරන ලෙස නිවැසියන්ට පොලීසිය දැනුම් දී තිබුණ ද ඒ වන විටත් දිල්ෂාන් මදුෂංක ගේ මව ඒ පිළිබද පොලිස්පතිවරයාට, පොලිස් කොමිසමේ ලේකම්ටත්, මාතර මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයටත් පැමිණිලි කර තිබුණා.
පසුව 2021 දී මහජන ආරක්ෂක අමාත්‍යංශයට දිවුරුම් ප්‍රකාශයක් යොමු කළ අතර ඒ අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය 2021 දී පැමිණිල්ල සම්බන්ධ විමර්ශන ආරම්භ කළා.
මීට අදාල ගොනුව නීතිපති වෙත යොමු කරන්නේ 2023 වසරේදීයි.
ඊට අදාල නීතිපති උපදෙස් ලැබීමෙන් පසුව 2023 වසරේ අවසානයේදී සැකකාර පොලිස් නිලධාරීන් හතර දෙනකුගේ කටඋත්තර යළිත් ලබා ගැනීම 2024 දෙසැම්බර් මාසයේදී ලබා ගැනීමට කටයුතු කර තිබුණා.
දෙදෙනකුගේ කට උත්තර ලබාගෙන ඇත්තේ 2024 දෙසැම්බර් 27 දිනයි.
කෙසේ නමුත් මෙම චූදිත පොලිස් නිලධාරීන් අත්අඩංගුවට පත් වූයේ නැහැ.
වධහිංසාව ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව 2024 පෙබරවාරි මාසයේදී කැඳවීමට නියමිතව තිබිය දී ඩිල්ෂාන් මදුශංකට මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපති පැමිණිලි ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී තිබුණා.
පොලිස් නිලධාරීන්ට එරෙහිව ඩිල්ෂාන් පැවරූ මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවීමට සති කිහිපයකට පෙර 2024 ජනවාරි 20 දා ඩිල්ෂාන්ගේ තෙලිජ්ජවිල මංසන්ධියේ පිහිටි දුරකතන අලවිහලේ සිදු වූ වෙඩි තැබීමකින් එම වෙළෙද සලේ සිටි ඔහුගේ මිතුරකු ජීවිතක්ෂයට පත් වුණා.
ඩිල්ෂාන් වෙනත් කටයුත්තකට සිය වෙළෙදසැලින් පිටතට ගොස් සිටීම හේතුවෙන් මිතුරා මරණයට පත්වූ අතර ඩිල්ෂාන්ගේ දිවි අනූනමයෙන් ගැලවී තිබුණා.
එතැන් සිට ඩිල්ෂාන් පසුවන්නෙ අවි සහිත පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආරක්ෂාව යටතේයි.
ඔහුට හදිසියකට හෝ නිවසින් පිටවීමට වුවද පොලිස් ආරක්ෂාව යටතේ ගමන් කළ යුතු අතර ඩිල්ෂාන් ඊයේ මහාධිකරණයට පැමිණියේ ද පොලිස් ආරක්ෂාව මධ්‍ය යේයි.
මේ වසර මුලදී ඩිල්ෂාන්ගේ සිද්ධියට අදාලව පොලිසියේ හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කළා.
මෙම ගොනුවට අදාලව නීතිපති උපදෙස් ලබා දෙද්දී නීතිපතිවරයා ලෙස සිටි සංජය රාජරත්නම් මහතා විශ්‍රාම යෑමෙන් පසු මහාධිකරණයේදී චූදිත පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිම සිදු කරන බවට ද වාර්තා වුණා.
වධහිංසාව පිළිබද මුල් වරට මහේස්ත්‍රාත්වරයාට පොලිසිය කරුණු වාර්තා කර ඇත්තේ පසුගිය මැයි 22 දායි.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විමර්ශන අඩුපාඩු නිරික්ෂණය කර අලුත් විමර්ශනයකට අවස්ථාව සලසමින් සැකකාර පොලිස් නිලධාරීන් හතර දෙනා රිමාඩ් කිරීමට නියෝග කළා.
ඉන් පසු වින්දිත තරුණයාගේ නීතිඥවරිය එම බී වාර්තාව සහ නඩු ගොනුවත්, සෙසු වාර්තාත් අධ්‍යයනය කළ අතර මෙම නඩුවේ තීරණාත්මක සාක්කි ගණනාවක් ගැන විමර්ශනය කර නැති බවත්, වින්දිතයා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකට ඉදිරිපත් කළ වීඩියෝ සහ හඬ සාක්ෂි කිසිවක් අධිකරණයට වාර්තා කර නැති බවත් නිරීක්ෂණය වී තිබෙනවා.
තරුණයාගේ මව අගෝස්තු 26 වැනිදා ලියාපදිංචි තැපෑලෙන් ද, 27 වැනිදා කාර්යාලයට ගොසින් ද මානව හිමිකම් කොමිසමේ මාතර කාර්යාලය කළ පැමිණිල්ල ඔවුන් ලියාපදිංචි නොති බූ අතර, එය ලියාපදිංචි කර තිබුණේ ඊට මාස දෙකකට පසු ඔක්තෝබර් මාසයේයි.
මානව හිමිකම් කොමිසමට මාසයක් ඇතුළත පැමිණිලි කර නැති බවට මූලික අයිතිවාසිකම් නඩුවේදී මූලික විරෝධතාවක් සැකකරුවන්ගේ නීතිඥ ගෙනාවේ මෙය පදනම් කර ගනිමින්.
ශ්‍රේෂ්ඨාධිකරණය මානව හිමිකම් කොමිසමෙන් වාර්තාවක් කැඳවීමට කටයුතු කර තිබුණේ මෙය පදනම් කර ගනිමිනුයි.
ඩිල්ෂාන් මේ තත්ත්වය යටතේ ජීවන ආදායම් මාර්ග ද අහිමිව පසුවන අතර ඔහු ඊයේ දිනයේ ද මිතුරකුගෙන් ණයට මුදල් ඉල්ලාගෙන මහාධිකරණයට පැමිණ සිටි බව අප වාර්තාකරු සදහන් කළා.
