තේ පොහොර මිල අඩු කරයි

තේ පොහොර මිල අඩු කරයි

තේ වගාව සඳහා යොදනු ලබන පොහොර වර්ග 03ක මිල රුපියල් 2000කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව තේ වගාව සඳහා යොදනු ලබන T 750, T 709 සහ T 200 යන පොහොර වර්ග සියල්ලෙහිම මිල රුපියල් 2000කින් අඩු කර ඇති බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ.

ඒ අනුව දැනට වෙළඳපොළේ පවතින තේ පොහොර මිලට වඩා සියයට 50කින් අඩු වීමට නියමිතයි.

දැනට වෙළඳපොළේ ඉහත සඳහන් කර ඇති පොහොර වර්ග මිටියක මිල රුපියල් 13,000 ඉක්මවා තිබෙනවා.

මේ අනුව T 750 සහ T 709 තේ පොහොර මිටියක මිල රුපියල් 7735 දක්වාත්, T 200 පොහොර මිටියක මිල රුපියල් 5500 දක්වාත් අඩු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයට අයත් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට ඇමතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පොහොර සහනය කුඩා හා මධ්‍යම පරිමාණ සියලුම තේ වගාකරුවන්ට ලබා දෙන අතර මහ පරිමාණ තේ වගා කරන සමාගම් සඳහා ඉහත සඳහන් සියලුම පොහොර වර්ග රුපියල් 9735ක මුදලකට ලබාදීමට ද තීරණය කර තිබෙනවා

Share This