දක්ෂිණ අධිවේගයේ වැසිකිලි ‍යන්නත් අධිවේගී මිලක්

දක්ෂිණ අධිවේගයේ වැසිකිලි ‍යන්නත් අධිවේගී මිලක්

සිල්ලර බඩු කඩයේ සිට හිතුමතයේ ජනතාවගෙන් මුදල් අයකරන එක දැන් සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙලා.

ඒ කිසිම තැනක් පෙරළා ප්‍රශ්න ක‍රන්නට ජනතාවට හැකියාවක් නෑ.

සාමාන්‍ය පුරවැසියකුට කැසිකිලි – වැසිකිලි යාමට තිබෙන අයිතියත් දැන් ඇතැම් අය උදුරාගෙන ද ‍යන ප්‍රශ්නයක් මතුවෙන අවස්ථා තිබෙනවා.

මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැසිකිලි යාමට අයකරන ගාස්තුව.

එක් අයකුගෙන් අය කරන මුදල රු. 40 ක්.

මේ මුදල සාමාන්‍ය පුරවැසියකුට දරාගන්න අපහසු බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

පවුලක් ලෙස ගමනක් යන පිරිසකට මේ මිල දරන්න අපහසු බව රටේ පවතින ආර්ථික අසීරුව දන්න කෙනෙකුට තේරුම් ගන්න අපහසු නෑ.

රටේ පද්ධතිය වෙනස් කරන්න නම් මේ වගේ මූලික මිනිස් අවශ්‍යතා වත් සාධරණ මිලකට දෙන්න ක්‍රමවේදයක් හැදෙන්න ඕන කියලයි කියන්න වෙන්නෙ.

ගහේ මුලට සාත්තු නොකර හොද පළ ගන්න අමාරුයි.

බලධාරීන්ගෙ ඇස් ඇරිලා මේ වගේ දේවල් ගැනත් අවධානය දෙන එක වැදගත්.

රටේ ජනතාව අසාධාරණ විදියට සූරා කනවා නම් ඒක ගැනත් සොයා බලන වගකීම තියෙන්නෙ ආණ්ඩුවටම බව මතක්ක‍රන්නම වෙනවා.

 

Share This