දකුණු අප්‍රිකානු මැතිවරණයේ පළමු ප්‍රතිඵලය නිකුත් කරයි

දකුණු අප්‍රිකානු මැතිවරණයේ පළමු ප්‍රතිඵලය නිකුත් කරයි

වසර 30කට පෙර අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ANC) බලයට පත්වීමෙන් පසු දකුණු අප්‍රිකාවේ වඩාත් වැදගත්ම මැතිවරණය ලෙස සැලකෙන මහ මැතිවරණයේ පළමු ප්‍රතිඵලය නිකුත් කර තිබෙනවා.

19%ක පමණ ඡන්දය ප්‍රකාශ කළ දිස්ත්‍රික්කවල ප්‍රතිඵල මේ වන විට ගණන් කර ඇති අතර, ANC 43%ක් ඡන්ද සමගින් ඉදිරියෙන් සිටිනවා.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (DA) 25%ක් ඡන්ද සමගින් දැනට දෙවන ස්ථානයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

EFF පක්ෂයට 9% ක් පමණ ඇති අතර හිටපු ජනාධිපති Jacob Zuma ගේ uMkhonto weSizwe පක්ෂයට (MK Party) ලැබී ඇති ඡන්ද ප්‍රතිශතය 8% පමණයි.

ඒ අනුව දකුණු අප්‍රිකානු මැතිවරණයේ අවසාන ප්‍රතිඵල සති අන්තයේ බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වසර 30කට පෙර අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ANC) බලයට පත්වීමෙන් පසු දකුණු අප්‍රිකාවේ වඩාත් වැදගත්ම මැතිවරණය ලෙස සැලකෙන මහ මැතිවරණයේ පළමු ප්‍රතිඵලය නිකුත් කර තිබෙනවා.

 

Share This