
දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්
ලෝක කුසලාන එක්දින තරගාවලියේ අද(12) පැවති තරගයේ ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.
ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලකුණු 134ක ජයක් වාර්තා කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 311ක් රැස් කළේ කඩුලු 07ක් දැවී සිටියදීයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 40යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 177ක්.
ඒ අනුව තරගයේ ජය දකුණු අප්‍රිකා කණ්ඩායමට හිමි වුණා.
